​රටේ ප්‍රමුඛ පෙළේ පාසල් 47ක විදුහල්පති පුරප්පාඩු

ප්‍රතිසංස්කරණ පිළිබඳ රජය උදම් ඇනූවද, වසරකට වැඩි කාලයක් තිස්සේ දිවයිනේ ප්‍රධාන ජාතික පාසල් ඇතුළු විද්‍යාල 47ක විදුහල්පතිවරුන් පත් කිරීමට අපොහොසත් වීම බරපතළ අර්බුදයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මෙරට නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරමින් පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය වන පසුබිමක, රජයේ පාසල්වල පරිපාලනමය ගැටලු විසඳීමට පවතින නොහැකියාව හෝ උනන්දුවක් නොමැතිකම පිළිබඳව ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියේය. විධිමත් කළමනාකරණයකින් තොරව පොදු අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යාමට උත්සාහ කිරීම තුළින් දරු පරපුරේ අනාගතය අවදානමට ලක්වන බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,071

Leave A Reply

Your email address will not be published. Required fields are marked *