රටේ විගණනය අනතුරේ: විගණකාධිපතිවරයෙකු වහාම පත් කරන්නැයි හර්ෂගෙන් ජනපතිට විශේෂ ලිපියක්

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත විගණකාධිපති ධූරය පුරප්පාඩුව පවතීීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය දැඩි අවධානය යොමු කර තිබේ. කරුණු 06කින් සමන්විත විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ, වර්තමානයේ රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය හමුවේ විගණකාධිපතිවරයෙකු පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.​විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැනටමත් විශාල මූල්‍ය ගනුදෙනු ප්‍රමාණයක් සිදුවෙමින් පවතින බව ඔහු පෙන්වා දෙයි. එසේම, මෙතෙක් නීත්‍යානුකූලව ස්ථාපිත කර නොමැති ‘ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල’ (Rebuilding Sri Lanka Fund) හරහා සිදුවන වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීමට නම්, වහාම විගණකාධිපතිවරයෙකු පත් කළ යුතු බව හර්ෂ ද සිල්වා මහතා සිය ‘X’ පණිවිඩය හරහා වැඩිදුරටත් අවධාරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 911

Leave A Reply

Your email address will not be published. Required fields are marked *