රට නැගිටුවන “REBUILDING SRI LANKA” ජාතික වැඩපිළිවෙළ ඇරඹෙයි!

සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට යළි ගොඩනැංවීමේ ක්‍රියාවලිය විධිමත්ව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා දියත් කළ “REBUILDING SRI LANKA” ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය, අද (ජනවාරි 13) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආපදා පසුකාලීන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉහළ මට්ටමේ සම්බන්ධීකරණයකින් යුතුව ප්‍රතිචාර දැක්වීම මෙහි මූලික අරමුණ වන අතර, ඒ සඳහා උපායමාර්ගික නායකත්වය සැපයීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ජනාධිපතිවරයා විසින් ස්ථාපනය කර ඇත.​මෙම වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් නංවාලීම, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය මාර්ග යථා තත්ත්වයට පත් කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මඟ පෙන්වීම් ලබා දෙනු ඇත. මීට අමතරව, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ ගැනීමේ යාන්ත්‍රණ ස්ථාපිත කරමින් අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම හා ප්‍රතිපාදන වෙන් කිරීම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට ද සැලසුම් කර ඇත. ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ විෂයභාර අමාත්‍යවරුන්ගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටු පත් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *