රට බංකොළොත්භාවයෙන් මුදාගැනීම යනු කුමක්දැයි විපක්ෂ නායක පැහැදිලි කරයි

රට බංකොළොත්භාවයෙන් මුදාගැනීම නම් විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, එය රටට සහ ජනතාවට වාසිදායක අන්දමින් ක්‍රියාත්මක කිරීමට වගබලා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, කළුතර පැවති වැඩසටහනකට එක්වෙමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ වැඩසටහනේ 276 වැනි අදියර යටතේ කළුතර බේරුවල සෑම් රිෆායි හාජියාර් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදුන්නා.

පාසැල් පුස්තකාලයට පොත් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ද මෙහිදී විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *