රත්මලාන දුම්රිය අංගනයේ විශේෂ නිරීක්ෂණය

ප්‍රවාහන , මහාමාර්ග , වරාය හා සිවිල් ගුවන්සේවා වැඩ බලන අමාත්‍ය ( ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ) වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා රත්මලාන දුම්රිය අංගන පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වුණා. මෙම අවස්ථාවට දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඩී. ජයසුන්දර යන ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වුණා.

රත්මලාන දුම්රිය අංගනයේ පවතින ගැටලු රැසක් එහිදී සාකච්ඡාවට ගැනුණ අතර අංගනය තුළ පවතින අඩුපාඩු හා ඇය සඳහා පිළියම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙහිදී මාධ්‍යයට අදහස් වූ නියෝජ්‍ය අමාත්‍යය වෛද්‍යය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා.

මේ වන විට ආණ්ඩුව බලයට පත්වෙලා දින 50 ක් ඉක්මවලා.ජාතික ප්‍රවාහන පද්ධතියට ලංකා දුම්රිය සේවයෙන් ලබා දෙන්නේ 5% කටත් වඩා අඩු දායකත්වයක් . දුම්රිය සේවය අපි මේ තත්වයෙන් උඩට ගන්න ඕනා . ඒකට මෙතන වැඩ කරන සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඒ අයට අපිට ශක්තිය දෙන්න පුළුවන්.
දිනකට ධාවනය වෙන දුම්රිය 210 – 215 ක් වගේ වුනත් එයිනුත් දුම්රිය 5 – 6 ක් අඩුවෙන් ධාවනය වෙන්නේ .
නිලධාරීන් හා සේවකයන් සමග අපි කතා කලා. සාධනීය පිළිතුරු අපිට ලැබුණා. ඉදිරියේ දී මේ තත්ත්වය  වෙනස් කරල ජනතාවට වඩාත් හොද දුම්රිය සේවයක් ලබාදීමට කටයුතු කරනවා .

රත්මලාන දුම්රිය අංගනයේ ආරක්ෂක නිලධාරීන්ගේ විශාල අඩුවක් තියෙනවා. ආරක්ෂක නිලධාරීන් හැත්තෑවක් සිටිය යුතු වුණත් ඉන්නේ විසි ගණනක්.

මෙතන වැඩ කරන සේවකයන්ට මේක තමන්ගේ තැනක් කියලා හැඟෙන්න ඕනා. සේවකයන්ව අපි ඒ තත්ත්වයට පත් කරන්න ඕනා.

භාණ්ඩ ප්‍රවාහනයේදී විශේෂයෙන් එළවළු වර්ග දුම්රිය සේවය යොදා ගැනීම තුළින් ලොකු නාස්තියක් වළක්වා ගන්න පුළුවන්.

දුම්රිය අංගණය තුළ ඇති අබලි යකඩ විකිණීමට පෙර පැවැති රජයන් විසින් නවත්වා තිබුණත් , වත්මන් ආණ්ඩුව එම අබලි යකඩ අලෙවිකර දෙපාර්තමේන්තුවට ලාභයක් ලබා ගැනීම සඳහා තීරණය කර ඇති බවද සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *