රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට

රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හෙට (දෙසැම්බර් 29) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.​මෙම මාධ්‍ය සාකච්ඡාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතාගේ සහ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිහිර සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. හෙට උදෑසන 10.00 ට බත්තරමුල්ල, සුහුරුපාය 14 වන මහලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේදී මෙම හමුව පැවැත්වේ.​උත්සව සමයේ රථවාහන පාලනය සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා සියලුම මාධ්‍ය ආයතන වෙත පොලිස් මාධ්‍ය කොට්ඨාසය ආරාධනා කර සිටියි.

What's your reaction?

Related Posts

1 of 916

Leave A Reply

Your email address will not be published. Required fields are marked *