රාජ්‍ය සේවයේ බදාදා නිවාඩුව අහෝසියි

පසුගිය කාලසීමාවේ ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයින් සඳහා ලබා දී තිබූ බදාදා දින විශේෂ නිවාඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රජය තීරණය කර ඇත. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ මෙම සතියේ සිට, එනම් එළඹෙන 8 වන බදාදා දින සිට සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවයි. රටේ පොදු ප්‍රවාහන හා ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.​මෙරට පැවති දැඩි ආර්ථික හා බලශක්ති අර්බුදය හමුවේ ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා පසුගිය මාර්තු 17 වනදා නිකුත් කළ චක්‍රලේඛයක් මගින් සතියේ සෑම බදාදා දිනකම රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ එම තීරණය මෙම නව නිවේදනයත් සමඟ අවලංගු වන අතර, එදින සිට රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,083

Leave A Reply

Your email address will not be published. Required fields are marked *