සුළි කුණාටුව හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ත්‍රිකුණාමලය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු සේවා කිහිපයක් යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, කොළඹ කොටුව සහ ත්‍රිකුණාමලය අතර ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වන පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ජනවාරි 20 වනදා සිට යළි දෛනිකව ධාවනය කෙරේ. මීට අමතරව, ආපදා තත්ත්වය සමනය වීමත් සමඟ උදය දේවි දුම්රිය සේවාව ද සංශෝධිත කාලසටහනකට යටත්ව එදින සිටම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.මේ අතර, සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දීය රජයේ මූල්‍ය ආධාර ඇතිව ජනවාරි 19 වනදා ආරම්භ කිරීමට නියමිතය. මෙම අලුත්වැඩියා කටයුතු හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙන තුරු කොළඹ කොටුව සිට මහව දක්වා පමණක් සීමා වන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ප්‍රතිසංස්කරණ කටයුතු නිම වූ පසු සම්පූර්ණ දුම්රිය සේවාවන් යථා තත්ත්වයට පත් කරන දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


























