රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යට මුල්තැනක් දෙමු’’ තේමාවෙන් ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරේ

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.
මෙවර එහි තේමාව වී ඇත්තේ “රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙමු ” යන්නයි.
ඒ අනුව අද දිනයේ විශේෂ වැඩසටහන් රැසක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී සිදු කෙරිණි.
මෙරට ජනතාවගේ මනස සුවපත් කරමින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය රටට සිදු කරන ජාතික මෙහෙවර පිළිබඳ දැනුවත් කරමින් කෙටි වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම ද රැකියා ස්ථානයේදී මානසික සෞඛයේ වැදගත්කම පිළබඳ දේශන මෙන්ම ඒ සම්බන්ධයෙන් සැකසුණු කෙටි වීඩියෝපට රැසක් සමාජගත කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
යම්කිසි පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පීඩාවට පත්ව සිටී නම් 1926 දුරකථන අංකය අමතා ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බව ද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ජනතාවට දැනුම් දෙයි

What's your reaction?

Related Posts

1 of 1,310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *