නෛතික කටයුතු අවසන් කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 170 ක ප්‍රමාණයක් අද දින විනාශ කරන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේය. මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පුත්තලම ලැක්ටෝවත්ත පොලිස් දහන යන්ත්‍රයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය පුලුස්සා විනාශ කිරීමට නියමිතය.නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට පුත්තලම දක්වා ප්‍රවාහනය කරනු ලැබුවේ විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ ආරක්ෂාව යටතේ බවයි. මෙම මත්ද්‍රව්‍ය නැවත සංසරණයට පැමිණීම වැළැක්වීම සඳහා නීත්‍යානුකූල පටිපාටියට අනුකූලව මෙම විනාශ කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බව ද ඔහු පවසා සිටියේය.


























