කටුනායක ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස විදේශීය සිගරට් තොගයක් මෙරටට රැගෙන ආ අවිස්සාවෙල්ල, අපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අද (21) උදෑසන ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු විසින් ගමන් මල්ලක සහ පෙට්ටි තුනක සඟවා තිබූ සිගරට් 42,000ක් අඩංගු කාටූන් 210ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් මිලියන 6.3ක් (ලක්ෂ 63ක්) පමණ වන බව ගණන් බලා ඇත. අත්අඩංගුවට ගත් සිගරට් තොගය ගුවන් තොටුපළ බලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඇප මත මුදාහළ සැකකරු ලබන ජනවාරි 07 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

























