රුපියල් 10,000ක අල්ලසක් ගත් කින්නියා පොලිසියේ උප පරීක්ෂක දැලේ!

පහරදීමක පැමිණිල්ලකට අදාළව නීතිමය පියවර ගැනීම සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කින්නියා පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙසැම්බර් 31 වනදා පස්වරු 5:20 ට පමණ කින්නියා පොලිස් ස්ථානයේ පැමිණිලි අංශයේදී මෙම වැටලීම සිදුකර ඇත. මහජනතාවගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමේදී අදාළ මුදල අතරමැදියෙකු මාර්ගයෙන් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකාර නිලධාරියා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 922

Leave A Reply

Your email address will not be published. Required fields are marked *