අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය හරහා නැවත සේවයට එක්වූ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අදාළ පුද්ගලයාගේ සේවා කාලය දීර්ඝ කර දීම සඳහා සැකකරුවන් විසින් රුපියල් 50,000ක අල්ලසක් ඉල්ලා ඇති අතර, ඊයේ දින කලාප අධ්‍යාපන කාර්යාලයේදී එම මුදල ලබාගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට පත්විය. සැකකරුවන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


























