රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා අද (31) මෙරටට පැමිණීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවත්වනු ලබන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමයි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සංචාරයට එක්වෙයි. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් කරමින් ඉදිරි සහයෝගිතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.දිවයිනට පැමිණෙන රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින දේශපාලනික හා ආර්ථික බැඳීම් නව මාවතකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.






















