රුසියානු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් රුසියානු විදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා දිවයිනට

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ. දෙරට අතර පැවැත්වීමට නියමිත 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. මෑතකදී රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත වූ පසුබිමක් තුළ, රුඩෙන්කෝ මහතාගේ මෙම පැමිණීම දෙරටේ අනාගත දේශපාලන හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීමට තැබූ වැදගත් පියවරක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *