සිත්තාන්ඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, තුරුක්කනා මඩු ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ බිරිඳගේ නමින් ඇති අක්කර 3 ක කුඹුරු ඉඩම සඳහා වගා හානි සිදු වූ බවට සැකකරු වන සංවර්ධන නිලධාරියා විසින් ම පවසා, ඉහත කුඹුරට වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය කටයුතු ඔහු විසින් ම සිදු කර දී, එම වන්දි මුදල් බැංකු ගත කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් රු 50,000/= මුදලක් සැකකරු විසින් ඉල්ලා, එයින් රු:40,000/= ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකු 2025.03.05 වන දින පෙ.ව.9.44 ට පමණ වෙන්කල්අඩි ලංකා බැංකුව ඉදිරිපිට දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.