රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රධානීන් දෙදෙනෙකු අත්අඩංගුවට

​ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවට පරිබාහිරව පුද්ගලයින් හය දෙනෙකු බඳවාගෙන, ඔවුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීම හරහා රජයට අයත් ආයතනයට රුපියල් මිලියන 14.32ක විශාල මූල්‍ය අලාභයක් සිදු කිරීමයි. රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරමින් සිදු කළ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,085

Leave A Reply

Your email address will not be published. Required fields are marked *