රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රධානීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

​ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.​මොවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා යමින් පුද්ගලයන් හය දෙනෙකු සේවයට බඳවාගෙන, ඔවුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අනුයුක්ත කිරීමයි. මෙම ක්‍රියාව හරහා රජයේ ආයතනයට රුපියල් මිලියන 14.32 ක මූල්‍ය අලාභයක් සිදු කර ඇති බවට කොමිසම මගින් කරුණු අනාවරණය කරගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *