රේගුවට පැමිණිල්ලක්

කන්ටේනර්  323 ක් පරීක්ෂාවකින් තොරව මුදා හැරලා රේගුවට චෝදනා..

මේ මොහොත වන විට රේගුව තුළ කන්ටේනර් රථ නිෂ්කාශන කටයුතුවල පවතින අර්බුදයත් සමඟ කන්ටේනර් 323ක් රේගුවේ කිසිම පරීක්ෂාවකින් තොරව මුදා හැර ඇති බව දේශපාලන ක්‍රියාකාරිකයෙක් වන සමිත් පතිරණ මහතා පවසනවා මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ සිදු කර කරුණු අනාවරණය කරන ලෙස ශ්‍රී ලංකා රේගුවෙන් ඉල්ලා සිටීමේ ලිපියක් අද සවස රේගු මුල ස්ථානයට භාරදුන්නා.

  ඔවුන් ප්‍රකාශ කරන අන්දමට මේ වන විට මෙම කන්ටේනර් පෙට්ටි රට තුළට ඇතුළු වී ඇති බවත් මෙහි අවි ආයුධ , මත්ද්‍රව්‍ය  එසේ නොමැති නම් වෙනයම් රටට අහිතකර දෙයක් තිබේ නම් එහි වගකීම බාරගන්නේ කවුරුන්ද මේ පිළිබඳව රජයද අවධානය යොමු කළළ යුතු බව පැවසුවා..

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *