මෙරටට ආනයනය කර, ඊයේ දහවල් 12.00 වන විට රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා ගොස් තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ ඒ අතරට කැකුලු සහල් ටොන් 34,000 ක් සහ තැම්බූ සහල් ටොන් 54,000 ක් වන බවයි. සහල් ආනයනය ලබන 10 වන දින දක්වා දීර්ඝ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. කෙසේවෙතත් ලබන 10 වනදායින් පසුව සහල් ආනයනය කිරීමේ නිදහස් සීමාව ඉවත් කරන බවයි වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.
මේ අතර වී අලෙවි මණ්ඩලය සතුව තිබූ දැනට වසර කිහිපයක සිට නිෂ්පාදන කටයුතු අතහැර දමා වල් බිහිවෙමින් පවතින කැකිරාව, මාංකඩවල ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ සහල් මෝලක නිෂ්පාදන කටයුතු ඇරඹීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර තිබෙනවා. ඒ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක සමරකෝන් මහතා ඇතුළු පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. මන්ත්‍රීවරයා එම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇත්තේ වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ලබාදුන් උපදෙස් මතයි. එම වී මෝලෙන් දෛනිකව හාල් කිලෝ ලක්ෂයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක සමරකෝන් මහතා පැවසුවේ.