රෝහින්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනැම මානුෂීය තීන්දුවකට අපේ සහාය දෙනවා.

රෝහින්‍යා සරණාගත ප්‍රජාව වෙනුවෙන් ගන්නා ඕනැම මානුෂීය තීන්දුවකට අපේ සහාය දෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රෝහින්‍යා ජනතාව සරණාගතයන් ලෙස මුහුණ දෙන ගැටලු ගැන කතා කරන විට රටක් ලෙස අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රතිපත්ති අවබෝධතා හා එකඟතා හරහා නිර්මාණය වන ජාත්‍යන්තර නීතියක් ඇති බවත් සමහර නීතිවලට රටක් ලෙස අත්සන් කර නොමැති වුවත් මානුෂීයවාදය කේන්ද්‍රීය කර ගෙන කටයුතු කළ යුතු බවත් එහි දී යම් සරණාගතයන් පිරිසක් බිහිවන විට ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෙතරම් ජාත්‍යන්තර ප්‍රමිති අවබෝධතා තිබුණත් 2014 මියන්මාරයේ පැවැති ජන සංගණනයෙන් පවා මේ රෝහින්‍යා ජනතාව ඉවත් කර ඇති බවත් මෙ ජන ප්‍රජාව පත්ව ඇති අසරණභාවය තුළ අප රටක් ලෙස මානුෂීයවාදීව කටයුතු කළ යුතු බවත් මනුස්සකම අගයන රටක එය වගකීමක් සහ යුතුකමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී රෝහින්‍ය ජනතාවගේ අයිතීන් සම්බන්දයෙන් කතා කරමිනි.

2024 දෙසැම්බර් 19 මුලතිව්වලට මුහුදු මාර්ගයෙන් පැමිණි මේ සරණාගත ජනතාවට මානුෂීයවාදී ව ජාත්‍යන්තර ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම වැදගත් බවත් මේ සරණාගතයන් වෙනුවෙන් ඉටු කරන යුතුකම් සර්ව ⁣සාධාරණව ඉටු කළ යුතුු බවත් ඔවුන් එම රටට පිටුවහල් කිරීම නොකළ යුතු බවත් මේ සරණාගත ප්‍රජාව වෙනුවෙන් මානුෂීයවාදී ව ගන්නා ඕනෑම පියවරකට රජයට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසී

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *