තාඔලු සහ සන්දා යන අංශවලින් පැවැත්වූ මෙම තේර්ම් තරගාවලියේ සන්දා අංශයෙන් සහභාගිවූ ක්රීඩක- ක්රීඩිකාවන් අවුරුදු 18ට වැඩි 30ට අඩු අයයි. තාඔලු අංශයෙන් සහභාගි වන ක්රීඩක-ක්රීඩිකාවන් අවුරුදු 16ට වැඩි 30ට අඩු වයස් සීමාවලින් යුක්තවුනා.
සන්දා කාන්තා ඉසව් කි.ග්රෑ.48, 52, 56, 60, 65, 70 හා 75 වශයෙන්ද, පිරීමි අංශයේ ඉසව් කි.ග්රෑ. 48, 52, 56, 60, 65, 70, 75, 80, 85, 900 900 ປີໄ໖ වශයෙන් පැවැත්වුණා.
මෙහිදී සන්දා අංශයෙන් එක් ක්රීඩකයකුට හෝ ක්රීඩිකාවකට ඉදිරීපත් විය හැක්කේ එක් බර පන්තියකට නමුත් තාඔලු අංශයෙන් සහභාගි වන ක්රීඩකයකුට හෝ ක්රීඩිකාවකට ඉසව් 3ක් සඳහා ඉදිරීපත් වීමට මෙහිදී හැකියාව ලැබුණා.
මෙම තරගාවලියට සහභාගි වී ජයග්රහණය ලබන ක්රීඩක- ක්රීඩිකාවන්ට මෙම වසරේ පවත්වනු ලබන අන්තර්ජාතික වූෂු ශූරතාවලි වෙනුවෙන් පවත්වනු ලබන තේරීම් තරග සඳහා සුදුසුකම් ලැබුණා