ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අභාවය වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, ඇයගේ දේහය දෙසැම්බර් 28 වැනිදා පස්වරු 4:00 සිට දෙසැම්බර් 30 වැනිදා දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනු ඇත. දෙසැම්බර් 31 වැනිදා පෙරවරු 9:00 සිට පස්වරු 3:00 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දේහය තැන්පත් කර රාජ්‍ය ගෞරව දැක්වීමට නියමිත අතර, අනතුරුව ඇයගේ අවසන් කැමැත්ත පරිදි බොරැල්ල පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.


























