ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල රිමාන්ඩ්.

තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ , ඔහු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව අද (02) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.  

තලවාකැලේ ලිඳුල නගර සභාවට අයත් ගවමස්කඩ කාමරයක් බදු දීමට අදාළව ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබා නොදී අවම ලංසුවක් වෙත පිරිනැමීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.

එමගින් රජයට වී ඇති පාඩුව රුපියල් විසිතුන් ලක්ෂ අසූ දහසක්. 

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *