ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර මෙරටට ආනයනය කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව, එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 446

Leave A Reply

Your email address will not be published. Required fields are marked *