අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ මෙම “ස්ටාර් ෂිප්” රොකොට්ටුව දියත් කරනු ලැබුවා.
දියත් කිරීමෙන් පසු එහි එන්ජින් 6 එකිනෙක ක්‍රමයෙන් ක්‍රියා විරහිත වු බව “ස්පේස් එක්ස්” සමාගම පවසනවා.
ඉන් අනතුරව කෙටි කාලයක් තුළ රොකොට්ටුව සමග එතෙක් පැවති සියලු සන්නිවේද සම්බන්ධතා ගිලිහි ගිය බවයි සමාගම සඳහන් කරන්නේ.
අනතුරුව සිය ස්ටාර් ෂිප් රොකොට්ටුව විනාශ වූ බව සමාගම කියා සිටියා.
රොකොට්ටුවෙහි බූස්ටරය, දියත් කිරීමේ කුළුණෙහි දැවැන්ත තාක්ෂණික උපකරණ භාවිතයෙන් යළි රැගෙන ඒමට හැකිවු බවද සමාගම සඳහන් කළා.
“ස්පේස් එක්ස්” සමාගම විසින් වැඩිදියුණු කරන ලද මෙම ස්ටාර් ෂිප් රොකොට්ටුව මගින් ව්‍යාජ චන්ද්‍රිකා 10 ක් අභ්‍යාවකාශය වෙත මුදාහැරීමේ පුහුණුවක්ද සිදු කිරීමට නියමිතව තිබුණා.
එම රොකොට්ටුවේ පළමු පියාසැරියද මෙය වනවා. විනාශ වු ස්ටාර් ෂිප් රොකොට්ටුවේ සුන්බුන් හේතුවෙන් ගුවන් ගමනා ගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
අමෙරිකාවේ මියාමි ජාත්‍යන්තර ගුවයන් තොටුපලෙහි ඇතැම් ගුවන් ගමන් නවතා දැමීමටද සිදුව තිබෙනවා.