ලොව සුප්‍රකට වෝග් සගරාවට අනුව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙවර ශීත සෘතුවේදී ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස නම් කර තිබේ.

දකුණු වෙරළ තීරයේ පවතින ස්වබාදහමේ අලංකාරය, විවිධ සංස්කෘතික අංග හා සුඛෝපභෝගී නවාතැන් පහසුකම් යන අංශ පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත සෘතුවේ හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස ලොව සුප්‍රකට වෝග් සඟරාව නම් කර ඇත.

එම සඟරාව පෙන්වා දෙන්නේ, ඉතාම අලංකාර වෙරළ තීරයන්, වනජීවි සම්පත සහ තේ වතු යන සංචාරක ආකර්ශනය දිනූ කේන්ද්‍රස්ථාන හේතුවෙන් මෙම ප්‍රදේශයට ලොව පුරා සංචාරකයින් පැමිණෙන බවයි.

මෙරට දකුණු වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින්ට සර්ෆින් හෙවත් දිය රළ මත ලිස්සා යෑමට, තල්මසුන් නැරඹීමට මෙන්ම විවිධ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව වෝග් සඟරාව පෙන්වා දෙයි.

ශීත සෘතුවේදී ලොව අනෙක් රටවල්වල නොමැති වෙනස් අත්දැකීමක් අත්පත් කර ගැනීමට ලොව පුරා සංචාරකයින්ට අවස්ථාව පැවතීම හේතුවෙන් මෙරට දකුණු වෙරළ තීරය ලොව හොඳම සංචාරක කේන්ද්‍රය ලෙස ලොව සුප්‍රකට වෝග් සඟරාව නම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *