ඉන්දියාවේ ඖෂධ කර්මාන්තය ගෝලීය වෙළෙඳපොළ තුළ ප්රමුඛ ස්ථානයක් හිමිකරගෙන ඇති අතර, වෙළඳපල පරිමාව අනුව තුන්වන ස්ථානය සහ වටිනාකමින් 14 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.
පරිමාව සහ වටිනාකම අතර මෙම විෂමතාවය, දැරිය හැකි සහ උසස් තත්ත්වයේ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදකයෙකු ලෙස ඉන්දියාවේ භූමිකාව ඉස්මතු කර තිබේ.
ඒ අනුව ඉන්දියාව මේවනවිට “ලෝකයේ ඔසුසල” බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.2023-24 මූල්‍ය වර්ෂය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 50 ක වෙළඳපල වටිනාකමක් ඇති
මෙම අංශය දේශීය හා ජාත්‍යන්තර සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන ඉන්දියානු ආර්ථිකයේ තීරණාත්මක කුළුණකි.කාර්යක්ෂමතාව උදෙසා ඉන්දියාවේ ඖෂධ වෙළෙඳපොළ දේශීය පරිභෝජනය සහ අපනයන වශයෙන් කොටස් කර ඇත.
2023-24 මූල්‍ය වර්ෂයේදී දේශීය පරිභෝජනය ඩොලර් බිලියන 23.5 ක් වූ අතර අපනයනය ආකර්ෂණීය ලෙස ඩොලර් බිලියන 26.5 ක් ලෙස වාර්තා විය.ශක්තිමත් ගෝලීය පැවැත්මක් පවත්වා ගනිමින් විශාල දේශීය වෙළෙඳපොළක් සඳහා ඉන්දියාවට ඇති හැකියාව මෙම සංඛ්‍යා මගින් අවධාරනය කරයි.
අමෙරිකාව සහ යුරෝපය වැනි සංවර්ධිත වෙළඳපල ඇතුළුව රටවල් 200 කට අධික සංඛ්‍යාවකට ඉන්දියාව මෙවවිට ඖෂධ නිෂ්පාදන අපනයනය කරයි.