ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ (WEF) 56 වන වාර්ෂික මහා මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (ජනවාරි 19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියාය. ජනවාරි 19 සිට 23 දක්වා පැවැත්වෙන මෙම සමුළුව මෙවර “සංවාදයේ අභිලාෂය” (A Spirit of Dialogue) යන තේමාව යටතේ පැවැත්වේ. රාජ්‍ය නායකයින්, බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ලොව පුරා විසිරී සිටින 3,000කට අධික ගෝලීය නායකයින් පිරිසක් මේ සඳහා එක්වීමට නියමිතය. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ ගෝලීය ආයතන ප්‍රධානීන් සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වීමට නියමිතව ඇත.


























