ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට: ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්

ඉරානය සමඟ පවතින ගැටුම් ඉක්මනින් අවසන් විය හැකි බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඟහරුවාදා දිනයේදී සියයට 13කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 12.46කින් පහත වැටී ඩොලර් 86.50ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිල ද ඩොලර් 12.24කින් පහත වැටී ඩොලර් 82.53ක් දක්වා අඩු විය. පසුගිය දින කිහිපය තුළ ඉරානය සම්බන්ධ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් සැපයුමට බාධා එල්ල වේ යැයි බියෙන් තෙල් මිල ඩොලර් 119 ඉක්මවා ඉහළ ගොස් තිබුණද, ට්‍රම්ප්ගේ මෙම සුබවාදී ප්‍රකාශයත් සමඟ වෙළඳපොළේ පැවති දැඩි පීඩනය ලිහිල් වී ඇත. කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින අස්ථාවරත්වය මත බලශක්ති මිල ගණන් තවදුරටත් උච්චාවචනය විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *