තම ස්ටේටස් (Status) යාවත්කාලීනයන් නැරඹිය හැක්කේ කාටද යන්න පාලනය කිරීම සඳහා වට්ස්ඇප් ආයතනය නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට සූදානම් වෙයි. මෙටා (Meta) සමාගම විසින් පරීක්ෂා කරමින් පවතින මෙම නව විශේෂාංගය හරහා, ඉන්ස්ටග්‍රෑම් හි මෙන්ම තෝරාගත් හිතවතුන් පිරිසක් (Custom Contact Lists) සඳහා පමණක් ස්ටේටස් පෝස්ට් බෙදා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව හිමිවේ. ඇන්ඩ්‍රොයිඩ් 2.26.5.11 බීටා සංස්කරණයේ දැනටමත් නිරීක්ෂණය කර ඇති මෙම පහසුකම මේ වන විට සංවර්ධන මට්ටමේ පවතී.මෙම නව ක්‍රමවේදය යටතේ විවිධ ඉමෝජි (Emoji) භාවිත කරමින් සම්බන්ධතා ලැයිස්තු නම් කර වෙන් කර ගැනීමට පරිශීලකයින්ට හැකියාව ලැබේ. මෙහි ඇති විශේෂත්වය නම්, සෑම ස්ටේටස් එකක් පල කරන අවස්ථාවකදීම ‘Privacy Settings’ වෙනස් කිරීමට අවශ්‍ය නොවීමයි. ඒ වෙනුවට, තමන් කලින් සකසා ගත් ලැයිස්තුව තේරීමෙන් වැරදි පුද්ගලයින් වෙත තොරතුරු හුවමාරු වීම වළක්වා ගනිමින් පහසුවෙන් ස්ටේටස් බෙදා ගත හැකිය.මෙහි වඩාත්ම අවධානයට ලක් වූ අංගය වන්නේ ඉන්ස්ටග්‍රෑම් හි මෙන්ම ක්‍රියාත්මක වන ‘Close Friends’ හෙවත් සමීපතම මිතුරන්ගේ ලැයිස්තුවයි. ස්ටේටස් ප්‍රයිවසි සැකසුම් හරහා හෝ ස්ටේටස් පල කරන අතුරු මුහුණත (Interface) හරහාම ඉතා පහසුවෙන් මෙම ලැයිස්තුවට පුද්ගලයින් එක් කිරීමට හෝ ඉවත් කිරීමට පරිශීලකයින්ට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, යම් ස්ටේටස් එකක් පල කළ පසු ලැයිස්තුවට සිදු කරන වෙනස්කම් බලපාන්නේ ඉන්පසු පල කරන අලුත් ස්ටේටස් සඳහා පමණි.මීට අමතරව, ස්ටේටස් බෙදා ගැනීම සඳහා තවත් රහස්‍යතා විකල්ප තුනක් වට්ස්ඇප් පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ. ස්ටේටස් එකක් පල කළ පසු, එය නැරඹීමට අවසර ඇති පුද්ගලයින්ට අදාළ පරිශීලකයාගේ ප්‍රෝෆයිල් පින්තූරය වටා වර්ණවත් රවුමක් දිස්වනු ඇති අතර, එමගින් එම ස්ටේටස් එක සීමිත පිරිසකට පමණක් පෙනෙන පරිදි පල කර ඇති බව පෙන්නුම් කෙරේ.


























