වත්තලදී විදෙස් දුම්වැටි 9,000ක් සමඟ සැකකරුවෙකු දැලේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව 2026 පෙබරවාරි 17 වන දින වත්තල ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ විදේශීය දුම්වැටි 9,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. බටහිර නාවික විධානයට අයත් ‘එස්එල්එන්එස් ගැමුණු’ ආයතනයේ නාවිකයින් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වත්තල, හැඳල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.​මෙම මෙහෙයුමේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක් කළ නිලධාරීන්, එහි සඟවා තිබූ මෙම විදේශීය දුම්වැටි තොගය සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් සැකකරු, දුම්වැටි තොගය සහ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,034

Leave A Reply

Your email address will not be published. Required fields are marked *