වනාන්තර ආශ්‍රිත දුම්රිය මාර්ගවල වේගසීමා පාලනයට සැලසුම්..

මඩකලපුව – කොළඹ දුම්රිය මාර්ගයේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව වලි අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම මාර්ගයට සූර්ය පැනල සවි කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ධාවනයේදී වේගය සීමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ද, අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර , වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙයි.

ඒ, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, වනජීවී නිලධාරින් මෙන්ම තාක්ෂණික නවෝත්පාදකයින් ඇතුළු පාර්ශ්ව රැසක සහභාගිත්වයෙන් ය.

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *