වරායේ ගොඩගැසුනු කන්ටේනර් නිශ්කාශනයට සිව්දින මෙහෙයුමක්.

ගොඩගැසී ඇති කන්ටේනර් නිශ්කාශනය කිරීමේ සිව්දින මෙහෙයුමක් ක්‍රියාත්මක බව, ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඊයේ(31) ආරම්භ වූ එම මෙහෙයුම ලබන 02 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

පූර්ණ කාර්ය මණ්ඩලයක් යොදවා වරායේ ගොඩගැසී ඇති කන්ටේනර්, නිශ්කාශනය කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති.

එම වැඩපිළිවෙළ සඳහා පූර්ණ සහාය ලබාදෙන්නැයි, ශ්‍රී ලංකා රේගුව, අදාළ සියලු පාර්ශවල වලින් ඉල්ලීමක් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 778

Leave A Reply

Your email address will not be published. Required fields are marked *