වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25,619ක්

ජනවාරි මාසයේ සිට මේ දක්වා වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 25,619ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 9,348 ක් බවයි.

මේ වසර තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙන්නේ වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බැවින් තම නිවාස අවට පිරිසිදුකරගනිමින් ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසටයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *