වසරේ මේ දක්වා විදෙස් සංචාරකයන් හය ලක්ෂ අටදහසක් දිවයිනට

මාර්තු මාසයේ පමණක් 27 වන දින දක්වා කාලය තුළදී විදෙස් සංචාරකයන් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ වසරේ මේ දක්වා පැමිණ ඇති මුලු සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් වන බවයි.

මාර්තු මාසයේ පැමිණි සංචාරකයින්ගෙන් 16% ක් ඉන්දියාවෙන් වාර්තාවන අතර, 14% ක් රුසියානු සංචාරකයන්.

පසුගිය වසරේදී දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,487,303 ක් ලෙස සටහන් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *