ව්‍යාජ AI වීඩියෝ පාලනයට YouTube වෙතින් නව පියවරක්

ලෝක දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක මැතිවරණ සමයන් ඉලක්ක කරගනිමින්, කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ මගින් සිදුවන නොමඟ යැවීම් වැළැක්වීම සඳහා YouTube ආයතනය සිය “පුද්ගල අනන්‍යතා හඳුනාගැනීමේ මෙවලම” (Likeness detection tool) තවදුරටත් පුළුල් කර තිබේ. මීට පෙර ප්‍රමුඛ පෙළේ නළු නිළියන්ට සහ ක්‍රීඩකයන්ට පමණක් සීමා වූ මෙම පහසුකම දැන් දේශපාලන නායකයින්ට, සිවිල් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට ද විවෘත වේ. මේ යටතේ, YouTube විසින් අනන්‍යතාවය තහවුරු කරනු ලැබූ පුද්ගලයන්ට තම රූපය හෝ කටහඬ අවභාවිත කරමින් නිර්මාණය කර ඇති AI වීඩියෝ සමාලෝචනය කිරීමටත්, ඒවා සිය පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති උල්ලංඝනය කරන්නේ නම් ඉවත් කරන ලෙස ඉල්ලීමටත් අවස්ථාව ලැබේ. 2024 දෙසැම්බර් මාසයේදී ප්‍රමුඛ නිර්මාණකරුවන් 4 ලක්ෂයක් සමඟ ආරම්භ කළ මෙම වැඩසටහන, ව්‍යාජ පෙනී සිටීම් මගින් මහජන සංවාදයට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වේ.​කෙසේ වෙතත්, මෙම මෙවලම භාවිතයේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට ද YouTube පියවර ගෙන ඇත. යම් වීඩියෝවක් උපහාසාත්මක නිර්මාණයක් (Parody) හෝ දේශපාලන විවේචනයක් ලෙස පැහැදිලිව හඳුනාගත හැක්කේ නම්, එය ස්වයංක්‍රීයව ඉවත් නොකිරීමට ආයතනය තීරණය කර තිබේ. YouTube ආයතනයේ උසස් නිලධාරීන් පෙන්වා දෙන්නේ මේ වන විට මෙම පහසුකම භාවිතා කරන ප්‍රසිද්ධ පුද්ගලයින් අතරින් වීඩියෝ ඉවත් කරන ලෙස ඉල්ලා සිටින්නේ ඉතා සුළු පිරිසක් බවයි. බොහෝ දෙනා මෙම මෙවලම භාවිතා කරන්නේ තමන් ගැන නිර්මාණය වන අන්තර්ගතයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පමණක් බවත්, ඉන් වැඩි ප්‍රමාණයක් හානිකර නොවන ඒවා බවත් ඔවුන් සඳහන් කරයි. මෙම නව නියමු ව්‍යාපෘතිය හරහා ඉදිරියේදී තවත් පුළුල් පිරිසකට තම අනන්‍යතාවය අන්තර්ජාලය තුළ ආරක්ෂා කර ගැනීමට මග පෑදෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 666

Leave A Reply

Your email address will not be published. Required fields are marked *