වාහන ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් කිරීම ජනවාරි 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නිවේදනය කරයි. දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම නව අවශ්‍යතාවය අලුතින් වාහන ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට මෙන්ම දැනට පවතින වාහන හිමිකම් පැවරීමේ දත්ත පද්ධතියට ද අදාළ වනු ඇත.මෙම නව රෙගුලාසිය යටතේ, නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී හෝ හිමිකාරිත්වය පැවරීමේදී අදාළ නව අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ඔහුගේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) පද්ධතියට ඇතුළත් කිරීම අනිවාර්ය වේ. කෙසේ වෙතත්, යතුරුපැදි, අත් ට්‍රැක්ටර්, ට්‍රැක්ටර්, ට්‍රැක්ටර් ට්‍රේලර් සහ ත්‍රිරෝද රථ සඳහා මෙම TIN අංකය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය අදාළ නොවන බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


























