වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අප රටේ ව්‍යාප්ත කළ හැකි ප්‍රචලිත කළ හැකි කර්මාන්තයක් බවත් අපනයනය ප්‍රවර්ධනය කිරීම උදෙසා බදු සහන ලබා දී වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ පාර්සලයකට ඩොලර් 200ක පැකේජයක් ලබා දීම තුළින් මෙය පුළුල් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිනමන් බෙන්තොට බීච් හෝටලයේ පැවැති “Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා අද (9) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය (CGJTA) වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා මෙවර ප්‍රදර්ශන කුටි 103 ක් තිබූ අතර, මේ සඳහා දෙස් විදෙස් ගැනුම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

එසේම මෙම කර්මාන්තයේ ශුද්ධ ලාභයට බදු නොගැසිය යුතු බවත් මෙම ක්ෂේත්‍රය පහළ වට්ටනවා වෙනුවට ඉහළට ගෙන ඒමට ධනාත්මකව කටයුතු කළ යුතු බවත් ඊට අමතරව නිපුණතා කුසලතා සහිත ශිල්පීන් බිහි කර අපනයන කර්මාන්තයක් ලෙස මේ සඳහා ලබා දිය හැකි ඉහළම සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එබැවින් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධනාත්මක ප්‍රගතිශීලී වැඩකටයුතු ක්‍රියාත්මක කරන්න කෙටි කාලයක් තුළ කටයුතු කරන ලෙසත් එහි දී මෙම කර්මාන්තය ඉහළටම ගෙන ආ හැකි බවත් හොංකොං හා තායිලන්තය අබිබවා යන තැනට අප රටේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *