”වැටී ඇති මර උගුලින් රට මුදවා ගැනීමට නිර්මාණශීලී දත්ත කේන්ද්‍රීය ගමනක් යා යුතුයි”

සුපුරුදු රාමුවකට කොටුවී යල්පැනගිය ජරාජීරණ වූ අදහසවලට කොටු නොවී අලුත් ආකාරයකට සිතිය යුතු බවත්, මේ වනවිට බහුවිධ අවදානම් තත්ත්වයකට මුහුණ දී සෑම පැත්තකින්ම මර උගුලකට හසුව ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ණය, කර්මාන්ත කඩා වැටීම, රටේ ආර්ථික එංජිම වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කර්මාන්ත විනාශ මුඛය කරා යන මර උගුල් ඇති බවයි විපක්ෂනායකවරයා පවසන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ, කොළඹ Galle Face හෝටලයේ පැවැති තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්‍රණය අමතමින්.

එමෙන්ම සියයට 52ක් වූ කාන්තාව අතිමහත් බහුතරයක් නිවසේදීත්, මහමගදීත්, වැඩපොළේදීත් පීඩනයට හිංසනයට ප්‍රචණ්ඩත්වයට ලක්වන බව ඔහු පවසනවා.

තරුණයන් රට අතහැර යාම, උගතුන් බුද්ධි ගලනයට ලක් වීම වැනි තත්ත්වය උඩ මෙම ගැටලුවලට සුපුරුදු ක්‍රමවේදයෙන් බැහැරව නිර්මාණශීලිව සිතා දත්ත කේන්ද්‍රීයව ප්‍රතිපත්ති සකස් කර ඒවා දිනවකවානු සහිතව ක්‍රියාත්මක කිරීම කළ යුතු බවයි ඔහු පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *