වැටුප් වැඩිවීම අවසන් වනතුරු දීමනා නෑ: වර්ජනය කළත් තීරණයේ වෙනසක් නැති බව ජනපති අවධාරණය කරයි!

කුමන පාර්ශවයක් වීදි බැස උද්ඝෝෂණය කළද හෝ වැඩ වර්ජනයක නිරත වුවද, 2027 වසරේ ලබාදීමට නියමිත තෙවන වැටුප් වාරිකය ලබාදෙන තෙක් රාජ්‍ය අංශයේ සේවකයින්ට අමතර කිසිදු දීමනාවක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අවධාරණය කළේය. මහනුවර පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2027 ජනවාරි මාසයේදී වැටුප් වැඩිවීමක් ලැබීමට නියමිතව තිබියදී, දීමනා ඉල්ලා අරගල කිරීම සාධාරණ නොවන බවයි. මෙම වැටුප් වැඩිකිරීම් සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා, 2025 වසරේ වැටුප් වර්ධක සඳහා රුපියල් බිලියන 110ක් සහ 2026 වසර සඳහා රුපියල් බිලියන 220ක් වැය කර ඇති අතර, 2027 වසරේ ලබාදෙන තෙවන වාරිකය වෙනුවෙන් රුපියල් බිලියන 330ක් වැය කිරීමට සිදුවන බවද සඳහන් කළේය.​වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, රජය වෙනත් දීමනා පිළිබඳව සලකා බලනුයේ මෙම තෙවන වැටුප් වාරිකය ලබා දී අවසන් වීමෙන් පසුව සහ එමගින් අයවැයට සිදුවන බලපෑම ඇගයීමට ලක් කිරීමෙන් පසුව පමණක් බවයි. සැළකිය යුතු මට්ටමේ වැටුප් වැඩිවීමක් ලබා දී තිබියදීත් ඇතැම් වෘත්තීය සමිති දීමනා ඉල්ලා සිටීම අනුමත කළ නොහැකි බවත්, 2027 ජනවාරි වැටුප් වර්ධකය තෙක් දීමනා ලබාදීම සිදු නොවන බවත් ඔහු ස්ථිරවම ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *