වැඩිම මත්පැන් පානය කළ පුද්ගලයා තේරීමේ තරගයෙන් ජයගත් පුද්ගලයා මරුට

වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සඳහා පැවැත් වූ තරගයක් අතරතුරදි එය ජයග්‍රාහණය කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙක්.

ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වූ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිම තරගයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර, ඒ සදහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබාදී තිබෙනවා.

එහිදි අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තොරා ගැනිමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් එම තරගයෙන් ජයග්‍රහණය කළ පුද්ගලයා තරගයට ඉදිරිපත් විමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව‍යි එම වතුයායේ වතු කම්කරුවන් සඳහන් කළේ.

අදාළ පුද්ගලයා රාත්‍රියේ නිවසට පැමිණ නින්දට ගොස් ඇති අතර ඔහු නින්දේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරගයට ඉදිරිපත් වු තවත් පුද්ගලයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මුලික රෝහල වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව වශයෙන් සටහන් කර ඇත්තේ නිව්මේනියාව උණ රෝගය වැළදී සිටීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බවයි හැටන් පොලිසියේ නිලධාරියෙකු වැඩිදුරටත් පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *