වැඩි කළ රාජ්‍ය සේවක වැටුප් අද ගෙවීමට නොහැකි ආයතනවලට හිඟ මුදල් ගෙවීමට අමතර දිනයක් ප්‍රකාශ කරමින් විශේෂ චක්‍රලේඛයක්…

වැඩි කළ රාජ්‍ය සේවක වැටුප, අද (10) ගෙවීමට නොහැකි වන ආයතනවලට හිඟ මුදල් ගෙවීම සඳහා අමතර දිනයක් ප්‍රකාශයට පත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා විසිනි.

එහි දැක්වෙන්නේ, රාජ්‍ය නිලධාරීන්ගේ සංශෝධිත වැටුප අද ගෙවිය යුතු බවයි.

පිළිගත හැකි හේතුවක් මත, වැඩි කළ වැටුප ගෙවීමට අපොහොසත් වන ආයතන, කාර්ය මණ්ඩලයට දැනට හිමි වැටුප ගෙවිය යුතු වේ.

නව වැටුප් පරිවර්තන කිරීමෙන් අනතුරුව හිඟ මුදල්, ලබන 25 වැනිදා ගෙවිය යුතුයි.

මේ අතර 2020 ට පෙර විශ්‍රාම ගිය පුද්ගලයින් සඳහා වැඩි කළ වැටුප, ජූලි මාසයේ සිට ලබාදෙන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

2020 සහ 2024 කාලසීමාවේ විශ්‍රාම ගිය පුද්ගලයින් සඳහා වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වන්නේ, ලබන වසරේ සිටයි.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *