ජනතා විමුක්ති පෙරමුණේ මාලිමා කණ්ඩායම වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු දේ කරන්න බැරිව නොහැකියාවෙන් අදක්ෂකමින් රට පාලනය කළ නොහැකිව රට අනාථ කර ඇති බවත් රජයක් ජනතාව ජීවත් කර ශක්තිමත් කර මූලික අවශ්‍යතාවලට පහසුකම් සැපයිම කළ යුතු වුවත් පාරිභෝගිකයාට දරාගත හැකි මිලකට හාල් පොල් දී ගන්න බැරි බවත් මේ වන විට රටේ ලුණු හිගයක් පවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයක් යනු අනාගතවාදීව ඉදිරියට සිදුවන දේ ගැන හොද අවබෝධයක් ලබා සැලසුම් කිරීම වුවත් එවැනි දෙයක් සිදු නොවන බවත් මොවුන් ජනතාවට කියුවේ එකක් වුවත් අද වන විට අත්‍යවශ්‍ය ආහාරවත් නොමැති බවත් ජනතාවට සාමකාමීව උද්ඝෝෂණයක්වත් කරන්න නොහැකි බවත් ආණ්ඩුවේ මැරයන් එය මර්දනය කරන තැනට රට වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රක්වාන සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි
රාජ්‍ය පාලනය කඩා වැටිලා
මේ වනවිට රතු ලේබල් සහිත කන්ටේනර් පරීක්ෂා නොකර නිදහස් කරන බවත් අද වන විට රාජ්‍ය පාලනය පවා කඩා වැටී ඇති බවත් සමූපාකාර ඡන්දවලින් ආණ්ඩුව පරාජය වන එක ඉන් පැහැදිලි වන බවත් මේ නිසා මේ අය සමූපාකාර ඡන්දයටත් නාමයෝජනා දෙන්නැතිව බලපෑම් කරන බවත් යක්කල කඹුරුපිටියේ වුනේ එවැනි දෙයක් බවත් මේ අය ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ප්රජාතන්ත්රවාදී අයිතිය පවා මර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඇයි මේ රජය බය වෙලා
තමන්ට ජන බලයක් තිබේ නම් සමුපකාර ඡන්දවලට බිය නොවන ලෙසත් මොවුන් මැරකම භීෂණය පතුරවා ප්රජාතන්ත්රවාදී ඡන්දය වළක්වන බවත් මේ අය පළාත් පාලන ඡන්දයටත් බලපෑම් කළ හැකි බවත් මේ අය ප්රජාතන්ත්රවාදය ගැන කතා කළාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දී ඇති ඡන්ද අයිතියට පවා බලපෑම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න දෙන්න බැ
ප්රජාතන්ත්රවාදය විනාශ කරන කිසිදු වැඩපිළිවෙළකට ඉඩ නොදෙන බවත් ප්රජාතන්ත්රවාදී අයිතිය කෙලෙසන්න ඉඩ නොදෙන බවත් ජන මතයට බලපැම් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් වචනවලින් හරඹ කලාට බලය ලැබුනම මොවුන්ට මූලික අවශයතාවත් සපුරාලන්න නොහැකි බවත් ඔවුන්ගේ නොහැකිව වසා ගන්න තර්ජනය ගර්ජනය භීෂණය පතුරවන බවත් එය නින්දා සහගත ක්‍රියාවක් බවත් ප්රජාතන්ත්රවාදී අයිතියට අත පොවන මේ ආණ්ඩුවට විරුද්ධව ප්රජාතන්ත්රවාදී අරගලය නිතර වී ජනතවගෙ නිදහස සුරකින්න කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.