වැල්ලවායෙන් අතුරුදන් සිසුවියන් දෙදෙනා මැදිරිගිරියෙන් හමුවෙයි

වැල්ලවාය ප්‍රදේශයේදී අතුරුදන් වූ බව කී ශිෂ්‍යාවන් දෙදෙනා මැදිරිගිරිය ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදිරිගිරිය ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටියදී මැදිරිගිරිය පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා හිරු නිවුස් වෙත පැවසුවේ.

සැකකාර ශිෂ්‍යාවන්ගෙන් ප්‍රශ්න කොට හඳුනාගත් තොරතුරු අනූව ඔවුන් පිළිබඳව වැල්ලවාය පොලිසියට දන්වා තිබෙනවා.

ඒ අනූවයි එම ශිෂ්‍යාවන්ගේ නිවැසියන්ට ඒ බව දන්වන්නට වැල්ලවාය පොලිසිය කටයුතුකර ඇත්තේ.

මේ වන විට ඔවුන් රැගෙන ඒම සඳහා එම නිවැසියන් මැදිරිගිරිය පොලිසිය වෙත ගොස් ඇති බවත් හෙට (17) එම දෙදෙනා වැල්ලවාය පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපතිවරයා හිරු නිවුස් වෙත කියා සිටියේ.

අනතුරුව ඔවුන් වෛද්‍යපරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිතව තිබෙනවා.

වැල්ලවාය ප්‍රසිද්ධ පාසලක (15) හැවිරිදි ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

කොටවෙහෙරගලයාය ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවන් දෙදෙනෙකුයි මෙසේ අතුරුදන්වී ඇති බව පැවසුවේ.

10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගෙන් එක් සිසුවියක කොටවෙහෙර, ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටින බව පැවසෙනවා.

එම ගමේම පදිංචි ඇයගේ යෙහෙළියක් පාඩම්කිරීම සඳහා කියමින් අනෙක් මිතුරියගේ නිවසට පසුගිය (14) වැනිදා සවස පැමිණ තිබෙනවා.

අනතුරුව පසුදින උදෑසන වැඩිහිටියන් සොයා බලන විට දැරියන් දෙදෙනා නිවසේ සිට නැති බවයි වාර්තා වී තිබෙන්නේ.

ඒ අනූවයි නිවැසියන් විසින් ඒ පිළිබඳව වැල්ලවාය පොලීසියට පැමිණිලිකර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *