වැල්ලවාය – තණමල්විල මාර්ගයේදී යුද හමුදා බසයක ගැටී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය–තණමල්විල ප්‍රධාන මාර්ගයේ අඩවෙල්ලේයාය ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් 36 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මියගිය බව පොලිසිය පවසයි.​මෙම අනතුර සිදුව ඇත්තේ, තණමල්විල දෙසින් වැල්ලවාය දෙසට ධාවනය වූ යුද හමුදා බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක හිසට හිස ගැටීමෙන් පසුවයි.​යතුරුපැදිකරු වන වැල්ලවාය, රාජමාවත ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරයා බරපතල තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.​මේ පිළිබඳව වැල්ලවාය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 826

Leave A Reply

Your email address will not be published. Required fields are marked *