වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයක් 2025.01.05 වන දින බස්නාහිර පලාතේ අණ්ඩුකාරතුමා වන හනීෆ් යුසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර පරීශ්‍රයේදී පැවැත්වීය.
මෙහිදී 2024 අ.පො.ස. (සා/පොළ) සහ (උ/පෙළ) සදහා විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් දරුවන් 06ක් සදහා ත්‍යග සහ 2025 වසර සදහා බදවාගත් ළමුන් 15ක් සදහා බැංකු ගිණුම්පත් ප්‍රදානයක් ද සිදු කරන ලදී.
මෙම විශේෂ අවස්ථාව සදහා බන්ධනාගාර කොමාසරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, වර්ථමාන ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාගේ බිරිද වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඉනෝකා රාජපක්ෂ මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා, වැලිකඩ බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා, යහපත් එඩේරා නිකායේ ප්‍රාදේශිය ශ්‍රේෂ්ඨ මව්තුමිය ගරු. මේරිඈන් කන්‍ය සොයුරිය, සිරගතවුවන්ගේ දරුවන්ගේ මිතුරෝ සංවිධානයේ සභාපතිනි ගරු. චමරි ප්‍රනාන්දු කන්‍ය සොයුරිය, රැදවියන්ගේ පවුලේ සමාජිකයින්, “සිරගතවුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය සාමාජිකයින් හා බන්ධණාගාර නිළධාරීන් සහභාගී විය.
ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)