වැලිගම වෙඩිතැබීමක්

වැලිගම, කප්පරතොට වල්ලිවෙල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට යතුරුපැදි තුනකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතබා පලා ගොස් ඇති බවයි.

එහිදී තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වලාන රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

සෙසු තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලට මාරු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔවුන් කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 662

Leave A Reply

Your email address will not be published. Required fields are marked *