වැලිගම හෝටලක් අසළ වූ වෙඩි තැබීමට වරෙන්තු නිකුත් කර සිටි තවත් 6 ක් අධිකරණයට භාරවෙයි.

2023 මාතර, වැලිගම හෝටලක් අසළ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටි  තවත් 6 දෙනෙකු මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

2023 දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙන්  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීම  සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා වරෙන්තු නිකුත් කළේ ය.  

මෙම සිද්ධියට අදාළව මේ වන විට දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. 

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *