පුත්තලම, වෛරන්කට්ටුව ප්‍රදේශයේ නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළකට වැටි අවුරුද්දයි මාස දෙකක් වයසැති දිනුකි හන්සිමා නම් සිඟිත්තියක් මියගොස් තිබේ.
(06) පස්වරුවේ මෙම අනතුරු සිදුව ඇති අතර මෙම සිඟිත්තිය සිය වැඩිමල් සහෝදරියා සමඟ නිවස තුල සෙල්ලම් කරමින් සිටි අතරවාරයේ මව නිවස අසල පිහිටි වැසිකිළියට ගොස් ඇත.
එය දුටු සිඟිත්තිය මව පසුපස ගොස් ඇති අතර එහිදී ඇය අනාරාක්ෂිතව ඉදිකර තිබු වැසිකිළි වළට වැටි ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මද වේලාවකට පසුව සිඟිත්තිය නිවසේ නොමැති බව දැන මව අසල්වාසින්ගේ ද සහාය ඇතිව තම කුඩා දියණිය සොයා ඇති අතර එහිදී සිඟිත්තිය වැසිකිළි වළට වැටි ඇති බව දැක ඇත.
ඔවුන් පදිංචිව සිටින නිවසට අඩි 3ක පමණ දුරින් මෙම අනාරක්ෂිත වැසිකිළි වළ පිහිටා ඇති අතර පසුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන්එම වල ජලයෙන් පිරී තිබු බව ද වාර්තා වේ.
ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.